භාණ්ඩ වර්ග 28ක මිල පෙබරවාරි දෙවැනි සතියේ සිට අඩු කෙරේ (වීඩියෝ)

පෙබ 03, 2021
  • ගම සමඟ පිළිසඳර - වැඩ සමඟ යළි ගමට වැඩසටහන හා 2021 අය-වැය යෝජනා යථාර්ථයක්වන ජාතික සම්බන්ධීකරණ අනු කමිටු පිහිටුවීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

    බඩු මිල ඉහළ යාම පාලනය කිරීමෙ සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමුවිය. ඒ අනුව පරිප්පු, පිටි, සීනි, ලොකු ලූණූ සහ අර්තාපල් ඇතුළු භාණ්ඩ වර්ග 28ක් සඳහා පෙබරවාරි, මාර්තු සහ අප්‍රේල් මාස 3ට නිෂ්පාදකයන් හා සෘජු ආනයනකරුවන් සමඟ ඉදිරි මිල පිළිබඳව එකඟත්වයකට පැමිණ තිබෙන බව පෙන්වා දුන් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා, අද පවතින මිලට වඩා අඩු මිලට පෙබරවාරි මස දෙවැනි සතියේ සිට සතොස හා සමූපකාර ඔස්සේ එම භාණ්ඩ රටපුරා බෙදා හරින බව කියා සිටියේය.

    ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක මෙම ජාතික සම්බන්ධීකරණ අනු කමිටු සඳහා සියලුම කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළත්ය.

    Last modified on බදාදා, 03 පෙබරවාරි 2021 22:43

    Latest News