ඔහු මේ බව කියා සිටියේ අද (08) හැටන් දික්ඔයේ පැවති උත්සවයකට සහභාගිවිමෙන් පසු මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමිනි.
වතු කම්කරුවන්ගේ මුලික වැටුප රු 700 ක් ලබාදිමට වතු සමාගම් ක්‍රියාකර ඇතත් වතු කම්කරුවන්ට වැටුප් වැඩි කිරිමට පෙර ලබාදුන් රුපියල් 140 ප්‍රසාද දිමනාව මෙවර අහිමි කර ඇති බව ඔහු කියා සිටියි. එම ප්‍රසාද දිමනාව ලබාදිම සදහා රජයේ මැදිහත්විමෙන් වතු සමාගම් සමග දමිල ප්‍රගිතශිලි සන්ධානය සාකච්ඡා අරම්භ කර ඇති බව පාලනි දිගම්බරම් කියා සිටියේය.
එක්සත් ජාතික පක්ෂයට සැම මැතිවරණයකදිම ජයග්‍රහනය සදහා වතුකරයේ ජනතාව ඡන්දය ලබාදේ.
එවන් ජනතාවකට වත්මන් රජය මගින් දැනුට සිදු කරන සංවර්ධන කටයුතුවලට අමත්‍යවරය සිය කෘතවේදීත්වය පල කරයි. වැටුප් වැඩි කිරිමේදි අහිමි වු රුපියල් 140 ක ප්‍රසාද දිමනාව ලබාදිමට අග්‍රමාත්‍යවරයා ප්‍රමුඛ රජය කටයුතු කරනු ඇති බව ඔහු විශ්වාසය පල කරයි.