නාලක සිල්වා 7 දක්වා රිමාන්ඩ්

ඔක් 26, 2018
    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා නොවැම්බර් 7 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.  
    ඒ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියගේ කඩුවෙල පිහිටි නිවසට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනිමට ඔහුව ඊයේ දින අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබිණ.
    මේ අනුව නාලක ද සිල්වා මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පෙරවරු 9.00ට පමණ පැමිණි අතර, පැය 10 ක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාව ඝාතන උත්සාහයක් සම්බන්ධයෙන් දූෂණ විරෝධි බලකායේ නාමල් කුමාර විසින් මීට පෙර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් තිබිණ. 
    එම පැමිණිල්ල මගින් ප්‍රකාශ කර සිටියේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ හඬ ඇතුළත් වාර්තාවන් තමා සතුව ඇති බවයි.
    ඒ අනුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් එම හඬ පට සමඟ නාලක ද සිල්වාගේ හඬ සමඟ ගැලපේද යන්න පරික්ෂා කිරීමට රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුවට නියෝග නිකුත් කෙරිණ.
    එම හඬ පරීක්‍ෂණයෙන් පසු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව නැවත පරික්ෂණ ආරම්භ කෙරිණ.
    ඒ අනුව පසුගිය දින කිහිපය තුළදී ඔහුගෙන් ප්‍රකාශ ලබාගැනීම සිදුකෙරිණ.
    Last modified on සිකුරාදා, 26 ඔක්තෝබර් 2018 09:25

    Latest News