අගුණකොළපැලැස්ස-විරෝධයට අනුබල දුන් නිලධාරීන්ට නීතිය තදින්ම

ඔක් 26, 2018

    අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ ඉකුත් 21 වැනිදා ඇතිවූ සිද්ධියට අනුබල දුන් බවට හඳුනාගත් බන්ධනාගාර නිලධාරීන් 6 දෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන තිබේ.

    ඒ අනූව එක් ජේලර්වරයෙකුගේ වැඩ තහනම් කර ඇති බව, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් බන්දුල ජයසිංහ මහතා ප්‍රකාශ කරයි.

    බන්ධනාගාර රැඳවියන් විසින් සිරමැදිරිවලින් පිටතට පැමිණ පසුගියදා විරෝධතාවක නිරතවූයේ පොලිස් විශේෂ කාර්ය බලකාය සහ බන්ධනාගාර නිලධාරීන් එක්ව බන්ධනාගාරය තුළ සිදු කරන සෝදිසි මෙහෙයුම්වලට විරෝධය පළ කිරීමක් ලෙසයි.

    බන්ධනාගාර නිලධාරීන් ඊට අනුබල දුන් බවට චෝදනා එල්ල විය.

    බන්ධනාගාරවල ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට රජය තීරණය කර ඇත්තේ, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ යටතේයි.

    සිද්ධියට අනුබල දුන් බවට හඳුනාගත් නිලධාරීන් 05 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දීමට ද තීරණය කර තිබේ.

     

    Last modified on සිකුරාදා, 26 ඔක්තෝබර් 2018 13:58

    Latest News