රු. 1000ට බගවන්තලාවත් උණුසුම් වෙයි (වීඩියෝ)

ඔක් 26, 2018
  • වතු කම්කරුවන් බගවන්තලාව නගරයේ දී ටටර් පුළුස්සමින්, ගමනාගමනයට බාධා කරමින් උද්ඝෝෂනයක් ආරම්භ කර තිබේ.

    ඒ, සිය මූලික වැටුප රු. 1000 දක්වා වැඩි කිරීමේ ඉල්ලීම මුල්කරගනිමිනි.


    වතු සමාගම්වලට එරෙහිව වතු කම්කරුවන් නගර මධ්‍යයට පැමිණ ටයර් සහ වතු සමාගම්වල අයිතිකරුවන්ගේ පඹයන් සකස් කර පුළුස්සා උද්ඝෝණයේ නිරත විය.

    වතු කම්කරුවනගේ උද්ඝෝෂනයට සහයෝගය දක්වනු පිණිස බගවන්තලාව නගරයේ සියළුම වෙළදසැල් වසා කළු කොඩි ඔසවා තිබු අතර ල එම උද්ඝෝෂනයට බගවන්තලාව නගරයේ වැන් රථ හිමියන් සහට ත‍්‍රීරෝද රථ හිමියන්ද සහයෝගයට එක්විය.

    දිනපතා පැය තුනක් පමණ පවත්වනු ලබන විරෝධතා ව්‍යාපාරවල නියැලී සිට සේවය පැමිණීම නිසා වතු සමාගම් තවත් පාඩු ලබන තත්ත්වයට පත් වී ඇති බවයි වතු අධිකාරිවරුන් පවසන්නේ.

    මේ අතර වතු කම්කරු වෘත්තිය සමිති දියත් කර ඇති උද්ඝෝෂණ ව්‍යාපාරයට බදුල්ල උඩුවරවත්තේ කම්කරුවන්ද එක්ව සිටියා. මෙහි තේ කම්හල වසාදමා තිබු අතර කම්කරුවෝ කම්හලේ සිට පෙලපාලියෙන් බදුල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර 7 කනුව ප්‍රදේශයට පැමිණ මාර්ගය අවහිර කරමින් පැයකට අධික කාලයක් කාලයක් උද්ඝෝෂනයේ නිරතවිණ. බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ රළුවාහන ගමනා ගමනය ඇනහිටියේය.

    Bagawanthalawa2 750px 18 10 26

    Last modified on සිකුරාදා, 26 ඔක්තෝබර් 2018 13:22

    Latest News