වෛද්‍ය වර්ජනයෙන් රෝගීන් අපහසුතාවට (වීඩියෝ)

දෙසැ 21, 2021
  • ඉල්ලීම් 7ක් මුල්කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කර ඇති වැඩ වර්ජනයෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව සිටිනවා.

    එහෙත්, රෝහල් කිහිපයක සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවයි අප වාර්තාකරුවන් පවසන්නේ.

    දිවයිනම ආවරණය වන පරිදි වැඩ වර්ජනය ක්‍රියාත්මක බව, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහෙත් මාතෘ, ළමා, පිලිකා හා වකුගඩු රෝහල් ඇතුළු හදිසි සේවවලට ඉන් බාධාවක් නොමැති බවයි, එම සංගමය කියා සිටියේ. කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත්කරණ වැඩසටහනට ද වර්ජනය බාධාවක් නැතැයි, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

    Last modified on අඟහරුවාදා, 21 දෙසැම්බර් 2021 14:16

    Latest News