වෛද්‍ය වැඩ වර්ජනය අවසන්

දෙසැ 24, 2021

    රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ක්‍රියාත්මක කළ වර්ජනය අද සවස 04 සිට තාවකාලිකව නතර කිරීමට තීරණය කර තිබෙනවා.

    මේ අතර, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ කරුණුවලට සාධනීය ප්‍රතිචාර දැක්වූ බවයි. කරුණු 07 ක් මුල් කරගනිමින් මෙම වැඩ වර්ජනය ආරම්භ කළේ පසුගිය 21 වැනිදායි. මේ හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවකට ලක්වූ අතර,  ගැටළුව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සමග අවස්ථා කිහිපයකදී සාකච්ඡා පවත්වනු ලැබුවා. ඒ අනුව, අද රැස්වූ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව තාවකාලිකව වැඩ වර්ජනය අවසන් කිරීමට තිරණය කරනු ලැබුවා.

    Latest News