IMF නියෝජිතයෙකු අද දිවයිනට

මාර් 14, 2022

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රධාන නියෝජිතයෙකු අද දිවයිනට පැමිණීමට නියමිතයි.

    එම නියෝජිතයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හා මුදල් අමාත්‍යවරයා හමුවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රි ලංකාව වෙනුවෙන් පත්කර ඇති නියෝජිත මසහිරෝ නොසැකි විදෙස් මාධ්‍යයට ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මුල්‍ය

    අරමුදලේ තක්සේරුව පිළිබඳව ජනාධිපතිතුමා සහ මුදල් අමාත්‍යවරයා දැනුවත් කිරීමට නියමිත බවයි.

    මිට අමතරව පවතින ඩොලර් අර්බුදය හා ණය පිළිබඳ සාකච්ජා කිරීමට ද නියමිත බව ඔහු සඳහන් කරයි.

    Latest News