ක්‍රිඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ, විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම සංචාරයට එක්ව සිටිති.
එහිදී නියෝජිත පිරිස ඊයේ දින (13) කටාර්හි ජාත්‍යන්තර සම්බන්ධතා අධ්යක්ෂ මේජර් ජනරාල් අබ්දුල් අසීස් අල් අන්සාරි මහතා හමුවූ අතර, එහිදී ශ්‍රි ලාංකිකයින්ට වැඩි රැකියා අවස්ථාවන් ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලදී.
විදේශ රැකියා වැඩි වශයෙන් ලබාගැනීම ශ්‍රි ලාංකික තරුණ ප්‍රජාව අතර පවතින රැකියා වියුක්තියට විසඳුමක් මෙන්ම රටේ පවතින ඩොලර් හිගයටද විසඳුමක් විය හැකි බව නාමල් රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.