'විදුලි අර්බුදය හමුවේ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්න' - ඇමති පවිත්‍රා

අප්‍රේ 01, 2022

    පවතින විදුලි අර්බුදය හමුවේ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

    අමාත්‍යවරිය මේ බව පැවසුවේ ඊයේ ( 31) ජනාධිපති මාධ්‍ය අංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින්.

    විදුලිය ජනනය කිරීම සඳහා රන්ටැඹේ, කොත්මලේ, රන්දෙණිගල, වික්ටෝරියා වැනි ජලාශවලින් ජලය ලැබූණු බවත් අද වන විට යල කන්නය සඳහා ගොවීන්ට ජලය ලබා දීමට සිදුව ඇති බැවින් බලාගාරවලට ප්‍රමාණවත් ජලය නොලැබෙන බවත් ඇය අවධාරණය කළාය.

    එම ජල ප්‍රමාණයෙන් ඉතා කෙටි කාලයකට පමණක් විදුලිය සැපයීමට හැකි බැවින් ජනතාව විශාල වශයෙන් විදුලිය ඉල්ලා සිටින කාලවලට සැපයුමක් ලබා දීමට නොහැකි බව ඇය පෙන්වා දුන්නාය.

    අර්බුදයක් පවතින කාලයක දී පරිභෝජනය කළ යුතු පුමාණයට බඩා වැඩි ප්‍රමාණයකින් විදුලිය පරිභෝජනය කරන ආකාරය නිරීක්ෂණය වී ඇති පෙන්වා දෙන අමාත්‍යවරිය විශේෂයෙන්ම ආගමික ස්ථාන, හොටල් පරිශ්‍රවලද අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කරන ලෙස ඉල්ලීමක් කළාය.

    වීදි අලංකරණ ලාම්පු අනවශ්‍ය ලෙස භාවිත නොකරන ලෙසට ප්‍රාදේශීය සභා සහ නගර සභා සභාපතිවරුන් දැනුවත් කළ බවද ඇය තවදුරටත් පැවසුවාය.

    Latest News