බිම්ස්ටෙක් සමුළුව අද සිට තෙදිනක් පුරා කොළඹදී

මාර් 28, 2022

    බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතාව සඳහා බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානයේ (BIMSTEC) පස්වැනි සමුළුව අද දින සිට තෙදිනක් පුරා කොළඹදී පැවැත්වේ.

    ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් මෙවර පැවැත්වීමට නියමිත මෙම සමුළුවට බංගලාදේශය, භූතානය, ඉන්දියාව, නේපාලය සහ තායිලන්තය යන රටවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ විදේශ අමාත්‍යවරු සහභාගී වන අතර මියන්මාර විදේශ අමාත්‍යවරයා අතථ්‍ය ලෙස ඊට සහභාගී වනු ඇති.

    බිම්ස්ටෙක් සමුළුවේ අවසන් දිනය වන 30වැනිදා මෙරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමුළුවේ මුලසුන හෙබවීමට නියමිතයි. මෙම සමුළුවේ දී බිම්ස්ටෙක් ප්‍රඥප්තිය සම්මත කර ගැනීමට සහ නීතිමය ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ද අපේක්ෂා කෙරේ.

    Latest News