පස්වැනි බිම්ස්ටෙක් සමුළුව කොළඹ දී පැවැත්වීමට ශ්‍රී ලංකාව සත්කාරකත්වය සපයයි

මාර් 27, 2022

    බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතාව සඳහා බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානයේ (BIMSTEC) සමුළුව ශ්‍රී ලංකා රජය විසින් ලබන සතියේ මාර්තු 28 - 30 දිනවල දී දෙමුහුන් ආකාරයෙන් කොළඹ දී පවත්වනු ඇති.

    මාර්තු 28 සහ 29 යන දිනවල දී පැවැත්වීමට නියමිත බිම්ස්ටෙක් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීම සහ අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, නේපාලය සහ තායිලන්තය යන රටවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ විදේශ අමාත්‍යවරුන් ශ්‍රී ලංකාවට පැමිණෙන අතර, මියන්මාර විදේශ අමාත්‍යවරයා අතථ්‍ය ලෙස ඊට සහභාගී වනු ඇති. 

    බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, නේපාලය සහ තායිලන්තය යන රටවල නායකයින්ගේ අතථ්‍ය සහභාගීත්වයෙන් යුතුව, ශ්‍රී ලංකාවේ ජනාධිපති 30 වන දින 5 වැනි බිම්ස්ටෙක් සමුළුවේ මුලසුන හොබවනු ඇත. මියන්මාරය නියෝජනය කරමින් මියන්මාර විදේශ අමාත්‍යවරයා මෙම සමුළුව සඳහා සහභාගී වනු ඇත.

    සමුළුව සහ ඊට පෙර පැවැත්වෙන රැස්වීම් අතරතුර දී, නියෝජිතයින් විසින් බිම්ස්ටෙක්හි ප්‍රගතිය පිළිබඳව කලාපීය කණ්ඩායමක් ලෙස සාකච්ඡා කරනු ඇත.

    මෙම සමුළුවේ දී බිම්ස්ටෙක් ප්‍රඥප්තිය සම්මත කර ගැනීමට සහ නීතිමය ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ද අපේක්ෂා කෙරේ.

    Latest News