2021 දහම් පාසල් විභාග අප්‍රේල් 24

අප්‍රේ 07, 2022

    කල් දැමූ දහම් පාසල් ශ්‍රේණි විභාගය අප්‍රේල 24 වන ඉරුදින පැවැත්වීමට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.



    පසුගිය අප්‍රේල් මස 03 වන දින දහම් පාසල් ශ්‍රේණි විභාගය පැවැත්වීමට නියමිතව තිබු අතර ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් එය කල්දමනු ලැබිණි.

    පසුව රජයේ පාසල් නිවාඩුවට සමගමීව දහම් පාසල් සඳහා ද නිවාඩු ලබා දීමට තීරණය විය. ඒ අනුව නැවත දහම් පාසල් ආරම්භය අප්‍රේල් මස 24 වන සිදුවන අතර එම දිනට දහම් පාසල් 6 ශ්‍රේණිය සිට 10 ශ්‍රේණිය දක්වා විභාග පැවැත්වීමට තීරණය කර ඇත.

    ඒ සම්බන්ධයෙන් සියලු ශාසනාරක්ෂක බලමණ්ඩල දැනුවත් කර ඇති බව දන්වා බෞද්ධ කටයුතු කොමසාරිස් සුනන්ද කාරියප්පෙරුම මහතා නිවේදනයක් නිකුත් කර ඇත.

    dddd.jpg

     

    Latest News