"පෞද්ගලික බවුසර් ඉන්ධන බෙදාහැරීමෙන් ඉවත්වන්නේ නම් විකල්ප සූදානම්"

අප්‍රේ 30, 2022

    ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලින් පෞද්ගලික බවුසර් රථ ඉවත් වන්නේ නම් ඒ සදහා විකල්ප ක්‍රම සූදානම් බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

    නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පෞද්ගලික බවුසර් රථ ඉන්ධන බෙදාහැරීමෙන් ඉවත්වන බවට විවිධ මාධ්‍ය ඔස්සේ ඊයේ ප්‍රචාරය වූ කරුණු සැළකිල්ලට ගනිමින්.

    ඉන්ධන බෙදාහැරීම පාර්ශව තුනක් මගින් සිදු කෙරේ. ඒ පිරවුම්හල් හිමියන්ට, පෞද්ගලික අංශයට හා රජයට අයත් බවුසර් මගින්. මෙහිදී පෞද්ගලික අංශයට අයත් කුලියට ගන්නා බවුසර් සදහා පසුගිය වසරේ ජුලි මාසයේ සිට අවස්ථා පහකදී මිල ගණන් සංශෝධනය කර තිබේ.

    අවසන් වරට සිදු කරන ලද සංශෝධනයට අනූව 84%ක වර්ධනයක් ලැබී ඇති අතර තවදුරටත් සංශෝධන සිදු කිරීමට එකගත්වය පළකර තිබුණත්, බවුසර් රථ හිමියන් එය ප්‍රතික්ෂේප කර තිබේ. ඉන්ධන ප්‍රවාහනයෙන් බවුසර් රථ ඉවත්වුවහොත් විකල්ප ක්‍රම භාවිතයට වැඩපිළිවෙලක් සකස් කර තිබේ.

    රාජ්‍ය ආයතනයක් ලෙස මූල්‍යමය වශයෙන් කඩාවැටීමට ලක් නොවන ලෙස මිල සංශෝධනය සිදුකළ යුතු අතර අඛණ්ඩව ඉන්ධන බෙදාහැරීම තවදුරටත් සිදු කෙරේ.

    Latest News