ඉන්ධන ප්‍රවාහනයට සංවිධානාත්මක පිරිසක් බාධා කරන බවට ඇමති කංචන පවසයි

මැයි 21, 2022

    සංවිධානාත්මක කණ්ඩායම් කිහිපයක් ඔවුන්ගේ ප්‍රදේශවල ඇති ඉන්ධන පිරවුම්හල් සඳහා පමණක් ඉන්ධන ගොඩබෑම සිදු කරන ලෙස බවුසර් රථවලට තර්ජනය කර ඇතැයි, අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.  

    මෙය දිගින් දිගටම සිදු වුවහොත්, ඉන්ධන බෙදාහැරීම නවතා දැමීමට සිදුවන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

    සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව පවසයි. තම ප්‍රදේශවල පිරවුම්හලන් සඳහා ඉන්ධන ගොඩබෑම සිදු නොකරන්නේ නම් ඔවුන් බවුසර් රථවලට ගිනිතබන බවට තර්ජනය කර ඇති බවයි, අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ.

     

    Latest News