ඒ, සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්යය චන්න ජයසුමන මහතාගේ අත්සනින් යුතුවයි.
ඊට අනුව යම් උපලේඛනගත ඖෂධයක් විකුණනු ලබන නිෂ්පාදකයෙකුට හෝ ආනයනකරුවෙකුට ප්‍රතිශෝධිත සිල්ලර මිල සමානුපාතිකව සම්පූර්ණ වශයෙන් 40% ක ප්‍රතිශතයකින් ඉහළ නැංවීමට හැකියාව ලැබෙනු ඇති.
ඒ යටතේ පැරසිටමෝල් මිලිග්‍රෑම් 500 පෙත්තක උපරිම සිල්ලර මිල රුපියල් 4 යි ශත 16 ක් වේ. ඇමොක්සිලින් මිලිග්‍රෑම් 375 පෙත්තක උපරිම සිල්ලර මිල රුපියල් 83 යි ශත 71 ක් වනු ඇති.