ශෂී වීරවංශට එරෙහි නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීම තුන් වන වතාවටත් කල්යයි

මැයි 13, 2022

    ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන උදයන්ති රණසිංහ නොහොත් ශෂී වීරවංශ නමැත්තියට එරෙහි නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද තුන්වන වතාවටත් කල් තැබුවා.

    මෙම නඩුවේ තීන්දුව අද දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා හමුවේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි.

    එහෙත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය දැනුම් දුන්නේ මෙම තීන්දුව ප්‍රකාශ කිරීම ලබන 27 වනදා දක්වා කල් තබන බවයි.

    මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීම මීට පෙරද දෙවතාවක් කල් තබා තිබුණා.

    ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම තුළින් ආගමන හා විගමන පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කොට ඉකුත් යහපාලන රජය සමයේ ශෂී වීරවංශ නමැත්තියට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙම නඩුව ගොනුකර තිබුණා.

    Latest News