ශෂීගේ නඩුවට හඳුන්නෙත්ති සාක්ෂි දෙයි

පෙබ 06, 2019

    අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශට එරෙහිව රහස් පොලිසිය ගොනුකර තිබෙන නඩුව අද(06) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි විභාගට ගැනිණි.

    කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ නඩු විභාගය පැවැත්විණ. අධිකරණය විසින් නිකුත් කළ නොතීසියකට අනුව පෙනී සිටි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ගෙන් සාක්ෂි සටහන් කර ගැනීම අද සිදු කරනු ලැබිණ. ඉන් අනතුරුව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ හිටපු ලේඛකාධිකාරීවරයා ගෙන් ද සාක්ෂි සටහන් කරගැනීම සිදුකෙරිණ.

    අනතුරුව වැඩිදුර විභාගය මාර්තු මස 14 වනදාට කල් දැමූ අධිකරණය එදිනට සාක්ෂි දීම සඳහා පෙනී සිටින ලෙස ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වාට නියෝග කෙරිණ.

    ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම තුළින් ආගමන සහ විගමන පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කොට රහස් පොලිසිය විසින් ශෂී වීරවංශ මහත්මියට එරෙහිව මෙම නඩුව පවරා ඇත.

    Latest News