රටපුරා කෘෂි අධිකලාප 23ක්

මාර් 09, 2019

    කෘෂි අධිකලාප 23ක් රටපුරා පිහිටුවීමට කටයුතු කරන බව ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයාගමගේ මහතා පවසයි.

    අද (09) පාර්ලිමේන්තුවේ දී අයවැය දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසී ය.

    අමාත්‍ය දයාගමගේ “අපේ රට පිළිනොගන්න තත්ත්වයක් තිබුණා. සුදු වෑන් සංස්කෘතිය නැති කළා. මත්ස්‍ය තහනම් ඉවත් කරගත්තා. අපේ අපනයන ආදායම සියයට 12ට වැට්ටුවා. අපනයන කර්මාන්තය සම්පූර්ණයෙන් ම නැති කළා. ඇගලුම් කර්මාන්තයෙන් සියයට 54ක් ආදායම වැඩි කළා. ඇගලුම් කර්මාන්තයේ එදා සිටි අහිංසක කාන්තාවන්ගේ අභිමානය නැති කරන්න කටයුතු කළා. අපි තොරතුරු දැනගැනීමේ පනත ගෙනාවා. සුවසැරිය ගිලන් රථ සේවය ගෙනාවා. අපේ ව්‍යවසාකයින් දිරිමත් කළ යුතුයි. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන මඟින් අපේ රටේ ව්‍යවසායකයින් දිරිමත් කිරීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා.

    රට සහලින් ස්වංපෝෂිත කරන්න හැකි වුණා. අවුරුදු 15කට පසුව බිංගිරිය කර්මාන්ත සංකීර්ණය ආරම්භ කළා. කෘෂි අධිකලාප 23ක් රටපුරා පිහිටුවීමට කටයුතු කරනවා. ඇල්පිටිය උහන හා මාතලේ ලග්ගල කෘෂිකලාප පිහිටුවීමට ක්‍රියා කරනවා. අපනයන ගම්මාන 5000ක් රටපුරා පිහිටුවීමට කටයුතු කරනවා. 2022-2023 වනවිට කුළු බදු වලින් රටට එන ආදායම ඉහළ දැමීමට කටයුතු කරනවා. විශ්වවිද්‍යාල පහක් සමඟ අගය ආදාමය වැඩි කිරීමේ වැඩසටහන ආරම්භ කර තිබෙනවා“ යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    Latest News