'සාමය පවත්වා ගැනීමට මහජන සහය දෙන්න' - ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි (වීඩියෝ)

ජූලි 10, 2022
  • රට තුළ සාමය ආරක්‍ෂා කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට සහාය දෙන ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ශ්‍රී ලාංකිකයන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටියි.

    මාධ්‍යවෙත ප්‍රකාශයක් කරමින් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ පවතින රටේ ඇතිව තිබෙන අර්බුදකාරී වාතාවරණය සාමකාමීව හා ව්‍යවස්ථානුකූලව නිරාකරණය කර ගැනීමට අවස්ථාවක් උදාවී ඇති බවයි.

    රට තුළ සාමය ආරක්ෂා කිරීම සහතික කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට සහාය දෙන ලෙස ඔහු සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියේය.

    Last modified on ඉරිදා, 10 ජූලි 2022 12:27

    Latest News