තවත් යූරියා මෙට්‍රික් ටොන් 12,500ක් මෙරටට

ඔක් 20, 2022

    මහ කන්නය සඳහා ඇණවුම් කරන ලද යූරියා පොහොරවලින් මෙට්‍රික්ටොන් 12,500 ක් මෙම මස 25 දින ශ්‍රී ලංකාවට ලැබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පවසයි.

    මෙම කන්නයට අවශ්‍ය තවත් යූරියා පොහොර මෙට්‍රික්ටොන් 120,000ක් නොවැම්බර් මස 20 දින වන විට මෙරටට ලැබීමට නියමිත බවද ඔහු කියා සිටියි.

    මහ කන්නයේ පොහොර ලබා ගැනීම සඳහා ලෝක බැංකු ආධාර යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 110 ක ආධාරයක් ද, MOP පොහොර ගෙන්වීම සඳහා ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ අමරිකානු ඩොලර් මිලියන 40ක් ද ශ්‍රී ලංකාවට හිමිව තිබේ.

    මෙවර මහකන්නයට අවශ්‍ය පොහොර මෙට්‍රික්ටොන් 132,500ක් ශ්‍රී ලංකාවට ආනයනය කෙරෙන අතර මේ සඳහා වූ පළමු ප්‍රසම්පාදනයෙන් යූරියා පොහොර මෙට්‍රික් ටොන් 12,500 ක් ආනයනය කෙරෙන බවද ලේකම්වරයා පවසයි.

    මේ අනුව මහ කන්නයේ වී වගාව සඳහා පළමු මුරයට අවශ්‍ය යූරියා පොහොර සියලු ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන වෙත නිකුත් කර ඇති අතර, එම නිසා යූරියා පොහොර නොලැබේ යැයි කිසිදු බියක් සැකක් තබා ගත යුතු නැති බවත් ඔහු පවසයි.

    Latest News