වරාය මෙහෙයුම් කටයුතු සඳහා නව ඩිජිටල් සන්නිවේදන පද්ධතියක්

අප්‍රේ 18, 2023

    වරාය මෙහෙයුම් කටයුතු සඳහා ඩිජිටල් සන්නිවේදන පද්ධතියක් ක්‍රියාත්මක කරන බව, වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.

    වරායේ භාණ්ඩ නිෂ්කාශනයේදී සහ වෙළෙඳ නාවික කටයුතුවලදී සිදු වන ප්‍රමාදය වලක්වා ගැනීම මෙහි අරමුණයි. ඩිජිටල් සන්නිවේදන පද්ධතිය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා.

    ඩිජිටල් සන්නිවේදන පද්ධතියක් සඳහා වැය වෙතැයි අපේක්ෂා කරන මුදල ඩොලර් මිලියන 35 ක්. ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුව ආධාර ලබාදීමට එකඟවී තිබෙනවා. ලොව දියුණු වරායන් 50 ක පමණ ඩිජිටල් සන්නිවේදන පද්ධතිය ක්‍රියාත්මකයි.

    එම වරායන්හි කාර්යක්ෂමතාව ඉතා ඉහළම මට්ටමක පවතින බැවින්, එම වරායන් සමග තරගකාරීව මෙහෙයුම් කටයුතු සිදු කිරීමට ඩිජිටල් සන්නිවේදන පද්ධතියක අවශ්‍යතතාව අවධාරණය කෙරුණා. ඩිජිටල් සන්නිවේදන පද්ධතිය මේ වසර අවසන් වීමට පෙර ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

    Last modified on අඟහරුවාදා, 18 අප්‍රේල් 2023 19:35

    Latest News