හොඳටම රත්වෙන දිස්ත්‍රික්ක 12 ක්

අප්‍රේ 19, 2023

    දිස්ත්‍රික්ක 12 ක උණුසුම් තත්වය අද (19) දිනයේදී ද ඉහළ මට්ටමක පවතිනු ඇතැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

    යාපනය,කිලිනොච්චිය,මුලතිව්,මන්නාරම,වව්නියාව,අනුරාධපුර,පොළොන්නරුව,ත්‍රිකුණාමලය,
    මඩකලපුව,අම්පාර,මොණරාගල,කුරුණෑගල යන දිස්ත්‍රක්කවල උණුසුම් දර්ශකය 39 ත් 45 ත් අතර අවධානය යොමු කළ යුතු අගයක් ගන්නා බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    මෙම තත්වය තුළ වැඩි වේලාවක් අව්වට නිරාවරණය වීමෙන් සහ ක්‍රියාකාරකම්වල නිරතවීමෙන් තෙහෙට්ටු තත්වයක් ඇතිවිය හැකි බවත්, ක්‍රියාකාරකම්වල නිරතවීම මගින් සිරුරේ විජලනය සහ ලවණ තත්වය ඉවත්වීම නිසා මස්පිඬු පෙරලීම් සිදුවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසනවා.

    වැඩ බිම් තුළ සිටින ජනතාව ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන ලෙසත්, නිවෙස් තුළ සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබඳව සැළකිලිමත් වන ලෙසත්, කුඩා ළමයින් වාහන තුළ තනිවම රඳවා නොයන ලෙසත්, සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිතා කරන ලෙසල් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

    Latest News