ජනවාරි සිට මාර්තු දක්වා වූ කාලය සඳහායි එම බදු ආදායම රැස්කර ඇත්තේ. එහි ක්රමික වර්ධනයක් පවතින බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ඩී.ආර්.එස්.හපුආරච්චි මහතා සඳහන් කරනවා.
පුද්ගල අත්තිකාරම් ආදායම් බදු වශයෙන් ජනවාරි මාසයේදී රුපියල් කෝටි 311 ක් රැස් කර තිබෙනවා.
පෙබරවාරි මාසයේ බදු ආදායම දැක්වෙන්නේ රුපියල් කෝටි 1054 ක් ලෙසයි.
මාර්තු මාසයේදී රුපියල් කෝටි 1193 ක පුද්ගල අත්තිකාරම් ආදායම් බදු මුදලක් රැස්කිරීමට සමත් වූ බවයි, එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.