ජිනීවා උපාය මාර්ගික එළඹුම සාර්ථකයි..... අමුණුගම

මාර් 26, 2019

    ජිනීවා මානව හිමිකම් කවුන්සිලය සඳහා සාර්ථක එළඹුමක් අනුව කටයුතු කිරීමට හැකි වූ බවත් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කළ උපාය මාර්ගික එළඹුම සාර්ථක වූ බවත් ව්‍යවස්ථාවෙන් පිට කිසිම එකඟතාවයකට යා නොහැකි බව ප්‍රකාශ කිරීමට හැකි වූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.

    විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයට එක්වෙමින් අද (26) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා මේ බව පැවසී ය.

    ජිනීවා නුවර පැවැති මානව හිමිකම් කවුන්සලයේ රැස්වීමේ ඇති වූ වාදවිවාද ප්‍රතිඵල දැනගැනීමට උනන්දුවක් තිබෙනවා. මේ වතාවේ අපේ එළඹුම වෙනස් එකක් වුණා. ජනාධිපතිතුමා පැවැති උපාය මාර්ගය වෙනස් කරලා, දෙපාර්ශවයේ අය සමඟ සාකච්ඡා කර පොදු උපාය මාර්ගයක් නිර්මාණය කරන්න ජනධිපතිතුමා උපදෙස් දුන්නා. ඒ අනුව දූත මණ්ඩලය ජිනීවාවලට ගිනිල්ලා කරුණු ඉදිරිපත් කළේ. මේ සාර්ථක එළඹුම තුළින් තෝරාගත් උපාය මාර්ගය සාර්ථකයි,රටේ පැහැදිමක් තිබෙනවා උපාය මාර්ගය සාර්ථකයි කියලා. විදේශ කටයුතු අමාත්‍යතුමා රට වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළා.

    අපට සාර්ථකව ප්‍රශ්නවලට මුහුණ දෙන්න පුළුවන් කියලා අවස්ථාව ලැබුණා. මේ එලඹුම මත තියෙන පදනම මොකක්ද කියලා. ප්‍රධාන තර්කය තමයි ව්‍යවස්ථාවෙන් පිට කිසිම එකඟතාවයකට යන්න බැහැ.ව්‍යවස්ථාව තමයි ප්‍රධාන වෙන්නේ. ඒ කරුණ අපට ප්‍රකාශ කරන්න පුළුවන් වුණා විවෘතව. කුමන ගිවිසුම්වලට ගියත් ව්‍යවස්ථාවේ ආධිපත්‍ය තබාගත යුතුයි. එය පැහැදිළි කළා.යෝජනාව තව අවුරුදු දෙකකට කල් තබන බව ආව යෝජනාවයි. අපිත් එකඟ වුණා. ප්‍රධාන භූමිකාව කළ රටවල්, කැනඩාව, එක්සත් රාජධරිය හා ජර්මනිය. මේ මාතෘකාව යටතේ ස්වාධීනව කටයුතු කළ හැකිද කියලා බලන්න. මේ රටවල විශාල ඩයස්පෝරා තිබෙනවා. ඒ රටේ ඡන්ද පදනම ගැන බලා කටයුතු කරන්නේ. රටත් රජයත් යථාර්තවාදී ලෙස සිතිය යුතුයි.

    Last modified on අඟහරුවාදා, 26 මාර්තු 2019 15:34

    Latest News