ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සියලුම පාසල් අද (09) සහ හෙට (10) වසා තැබීමට තීරණය කර තිබෙනවා.
ඒ, පවත්නා අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්.
මෙම තීරණය ගෙන ඇත්තේ, දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
එසේම
12 වැනිදා ආරම්භවීමට නියමිතව තිබූ දකුණු පළාතේ පාසල්වල දෙවන වාර විභාගය කල් දැමීමටද තීරණය කර ඇති බව ද වාර්තා වනවා.