කාලගුණය නිසා හෙට වැසෙන පාසල්

ඔක් 13, 2024
    අධික වර්ෂාව හේතුවෙන් ආපදාවලට ලක් ව ඇති ප්රදේශවල පාසල්වලට නිවාඩු ලබා දීම සම්බන්ධව සුදුසු පියවර ගැනීම සඳහා පළාත් අධ්යාපන අධ්යක්ෂවරුන්ට අධ්යාපන විද්යා හා තාක්ෂණ අමාත්යාංශය බලය පවරා තිබෙනවා.

    ඒ අනුව කොළඹ අධ්යාපන කලාපයේ සියලුම පාසල් සහ ගම්පහ දිස්ත්රික්කයේ ගම්පහ සහ කැලණිය අධ්යාපන කලාපවල පාසල් හෙට වසා තැබෙන බව, අධ්යාපන විද්යා හා තාක්ෂණ අමාත්යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය පවසනවා.

    පවතින කාලගුණ තත්වය පිළිබඳ සලකා බලා ඉදිරි දිනවල පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි, ඇය සඳහන් කළේ.
    Last modified on ඉරිදා, 13 ඔක්තෝබර් 2024 17:57

    Latest News