දකුණු පළාතේ අද වැසෙන පාසල්

ඔක් 15, 2024
    පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දකුණු පළාතේද පාසල් කිහිපයක් අද (15) වසා තැබීමට තීරණය කර තිබෙනවා.

    දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ උපදෙස් පරිදි මෙම තීරණය ක්රියාත්ම කරන බවයි දකුණු පළාත් ආණ්ඩුකාරවර මාධ්ය ඒකකය සඳහන් කළේ.

     
    ඒ අනුව අම්බලන්ගොඩ අධ්යාපන කලාපයේ බලපිටිය කනිෂ්ඨ විද්යාලය, බලපිටිය ශ්රීපති විද්යාලය, බලපිටිය මාදූව කනිෂ්ඨ විද්යාලය, හික්කඩුව මලවැන්න විද්යාලය, අම්බලන්ගොඩ කුලරත්න විද්යාලය වසා තැබෙනු ඇත.
     
    මීට අමතරව ගාල්ල අධ්යාපන කලාපයේ ගනේගොඩ රෝමානු කතෝලික විද්යාලයද වසා තැබීමට තීරණය කර තිබෙනවා.

    Latest News