ජාත්‍යන්තර මාධ්‍යයේ ඇස ශ්‍රී ලංකාව දෙසට

සැප් 21, 2024

    ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම පිළිබදව ලෝකයේම අවධානය යොමුවී තිබෙනවා.

    ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍යද යොමු කර ඇත්තේ, දැඩි අවධානයක්. විරෝධතා හමුවේ හිටපු ජනාධිපතිවරයා ඉවත්ව යාමෙන් පසු ශ්‍රී ලාංකික ජනතාව සිය පළමු මැතිවරණයට අද ඡන්දය ප්‍රකාශ කරන බව BBC මාධ්‍ය වාර්තා කර තිබෙනවා. BBC මාධ්‍ය මෙවර ජනාධිපතිවරණය පෙන්වා දෙන්නේ, දරුණුතම ආර්ථික අර්බුදයක් හමුවේ පසුබෑමට ලක්ව ඇති ශ්‍රී ලංකාව යථා තත්වයට පත් කිරීමේ මාවතට අවතීරණ කිරීම සඳහා වන ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබද ජනමත විචාරණයක් ලෙසයි.

    මේ අතර, ව්‍යවසනකාරී ආර්ථික අර්බුදයෙන් මිදීමේ නව අපේක්ෂාවන් සමග ශ්‍රී ලාංකික ජනතාව අද ඡන්දය ප්‍රකාශ කරන බව අල් ජසීරා මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

    Latest News