ජනපති මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දකී

සැප් 24, 2024
    භිනව ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (23) පස්වරුවේ ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගෙන තිබෙනවා.

    ඒ අනුව පළමුව මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපතිවරයා මල්වතු මහානායක අතිපූජ්ය තිබ්බටුවාවේ ශ්රී සුමංගල නාහිමිපාණන් වහන්සේ බැහැ දැක සුව දුක් විමසා කෙටි පිළිසඳරක නිරතවී ඇති බවයි සඳහන් වන්නේ.

    අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්වරකාගොඩ ශ්රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගෙන ඇති බවයි ජනාධිපති මාධ්ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.

    Latest News