මූලික අයිතිවාසිකම් පෙත්සමක වග උත්තරකරුවකු ලෙස රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට අවසර

ඔක් 22, 2024
    2022 වසරේ සමාජවාදී තරුණ සංගමය විසින් පැවැත් වූ විරෝධතා ව්‍යාපාරයකට පොලිසිය විසින් පහර දී විසුරුවා හැරීමට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් වල වග උත්තර කරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දුන්නා.

    සමාජවාදී තරුණ සංගමයේ සාමාජිකයින් පිරිසක් ගොනුකර තිබූ පෙත්සම් දෙකක් අද කැඳවූ අවස්ථාවේදී වෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරු කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව මෙම අවසරය හිමිවුණා.

    Latest News