රට දාල යන්න නොහිතෙන අලුත් පාස්පෝට් එක

ඔක් 22, 2024
    විදෙස් ගමන් බලපත්ර නිකුත් කිරීමේ ගැටලුව ද සමතයකට පත් වෙමින් අලුත් මුහුණුවරකින් යුත් විදෙස් ගමන් බලපත්ර නිකුත් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව මේ වන විට පියවර ගෙන තිබෙනවා.

    නව විදෙස් ගමන් බලපත්රයේ පැහැය වෙනස් කර ඇති අතර එය නිල් පැහැයෙන් යුක්තයි. එහි පිටු සියල්ලම අංකාරවත් ඡායාරූපවලින් සමන්විතව ඉතා ආකර්ෂණීය ලෙස නිමවා තිබීමට ද විශේෂත්වයක්.

    යාපනය නල්ලූර් කෝවිල, ගාල්ල ලන්දේසි කොටුව, ශ්රී දළදා මාලිගය, කොළඹ නෙළුම් කුළුණ, පොළොන්නරුව ඓතිහාසික ස්ථාන, රිටිපන්න ධීවර කර්මාන්තය, ආරුක්කු නවය පාලම, සීගිරිය, තේ වගාව, රබර් කැපීම වැනි සුප්රසිද්ධ ස්ථාන සහ මෙරට සංස්කෘතිය විදහාපාන සිතුවම් රැසකින් යුක්තයි.
     
    එමෙන්ම, පැරණි විදෙස් ගමන් බලපත්රය පිටු 64ක් පැවති අතර නව විදෙස් ගමන් බලපත්රය පිටු 48කින් සමන්විතයි.
     
    නව විදෙස් ගමන් බලපත්රයේ P අංක භාවිත කරන අතර මීට පෙර නිකුත් කර තිබූ විදෙස් ගමන් බලපත්රයේ පැවතියේ N අංකයයි.

    Latest News