රාජ්‍ය සේවයේ පුරප්පාඩු 7,456ක් පිරවීමට කැබිනට් අනුමැතිය

පෙබ 11, 2025
    රාජ්‍ය සේවයේ පුරප්පාඩු 7456 ක් පිරවීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

    අමාත්‍යවරයා මේ බව සඳහන් ක‌ළේ අද (11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදීය.

    ඒ් අනුව රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කරමින් අවශ්‍යතා ප්‍රමුඛතා හා කාලරාමු හදුනාගෙන ඒ් ආශ්‍රිතව අත්‍යවශ්‍යයෙන්ම සිදු කළ යුතු බඳවා ගැනීම් හඳුනාගෙන ඒ අනුව අවශ්‍ය පියවර ගැනීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුවට ඒ් ඒ් අමාත්‍යාංශ යටතේ පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා ඒ් ඒ් අමාත්‍යාංශ මගින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගෙන පහත සඳහන් බඳවා ගැනීම් සිදු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
     
    Cabinet 07
    Last modified on අඟහරුවාදා, 11 පෙබරවාරි 2025 16:15

    Latest News