“ගජ“ 650ක් ඊසානට

නොවැ 14, 2018

    “ගජ“ සුළි කුණාටුව තවදුරටත් ප්‍රචණ්ඩ ස්වභාවයක් ගනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    එම නිසා පොතුවිල් සිට ත්‍රිකුණාමලය, කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල නොයෙදෙන ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශ වෙත පිටත්ව ගොස් සිටින අයද ආරක්‍ෂිත මුහුදු ප්‍රදේශ වෙත ගමන් කරන ලෙස ඉල්ලීමක් කෙරෙනවා.

    මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින “ගජ“ සුළි කුණාටුව මේ වනවිට ස්ථානගතව පවතින්නේ, කන්කසන්තුරේ සිට කිලෝමීටර 650ක පමණ ඊසාන දෙසින්. මෙම පද්ධතිය ඉදිරි පැය 12 තුළදී බටහිරට බරව නිරිත දෙසට ගමන් කරමින් තවදුරටත් චන්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්‍ෂා කෙරෙනවා.

    අනතුරුව, එය හෙට, සවස් කාලයේ ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ තීරය ආසන්නයෙන් ගමන් කර දකුණු තමිල්නාඩුව වෙරළ වෙත ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වනවා.උතුරු පළාතේ අද සුළං තත්වයේ වැඩිවීමක් පැවති බවයි, අප වාර්තාකරු පවසන්නේ. උතුරු වෙරළට ආසන්න තාවකාලික පදිංචිකරුවන් ආරක්‍ෂිත ස්ථාන වෙත ගමන් කරන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

     

     ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

     

    Latest News