තේ වත්තේ පිපිරීමෙන් කාන්තාවක් 3ක් රෝහලට

ඔක් 05, 2019

    හැටන්,දික්ඔය වනරාජා තේ වත්තේ සිදු වු පිපිරීමකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් තිදෙනෙක් දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර තිබේ.

     

    අනතුර සිදුවුනේ ඊයේ  (04) පස්වරු 3.00 ට පමණ.   තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් දෙදෙනක් සුළු ශල්‍යකර්මයකට භාජනය කල බවත්, කාන්තාවන් තිදෙනාගේ තත්ත්වය බරපතල නොවන දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන් පවසයි.

    පිපිරිම සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය සැකකරන්නේ සතුන් දඩයම් කිරිම සදහා ඇතැම් වතු කම්කරුවන් හක්ක පටස් වැනි උගුල් තේ වතු වල අටවා තිබෙන බවත්,  එවැනි හක්ක පටස් මරඋගුලක්  තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරු කාන්තාවකගේ පයට පැගිමෙන් පුපුරා යන්නට ඇති බවයි.

    තේ වත්තේ එකවරම ඇති වු පිපිරිමත් සමග තේ වත්තේ වැඩ කරමින් සිටි අනෙකුත් වතු කම්කරුවන්  භිතියට පත් වී එම ස්ථානයෙන් ඉවත් වු බවයි වතු පාලන අධිකාරිය කියා සිටියේ. හැටන්,දික්ඔය වනරාජා තේ වත්තේ සිදු වු පිපිරීමකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් තිදෙනෙක් දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර තිබේ.

    තේ වත්තේ එකවරම ඇති වු පිපිරිමත් සමග තේ වත්තේ වැඩ කරමින් සිටි අනෙකුත් වතු කම්කරුවන්  භිතියට පත් වී එම ස්ථානයෙන් ඉවත් වු බවයි වතු පාලන අධිකාරිය කියා සිටියේ.

     

    Last modified on සෙනසුරාදා, 05 ඔක්තෝබර් 2019 08:54

    Latest News