හැටන්,දික්ඔය වනරාජා තේ වත්තේ සිදු වු පිපිරීමකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් තිදෙනෙක් දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර තිබේ.

බදුල්ල පිං අරාව ජලනල මාවත හන්දියේ නිවසක අද(10) උදේ 9.00 ටපමණ සිදුවූ ගිනි ගැනීමකින් එම නිවසේ සිටි කාන්තාවක් මුථතැන්ගෙය තුල පිළිස්සී මියගොස් ඇතැයි බදුල්ල පොලිසිය පවසයි.

කඳාන පොලීසිය ඉදිරිපිට තිබූ සැකකටයුතු පාර්සලයක් නාවික හමුදාව මගින් පාලන පිපිරීමක් සිදුකර විනාශ කර තිබේ.

පිපිරීම් සිදුවූ ස්ථානය අවට ඩ්‍රෝන කැමරා භාවිතයෙන් වළකින ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා දැනුම් දෙයි.

update-කටුනායක ගුවන් තොටුපොළේ හා කොළඹ නගරයේ පිහිටි ප්‍රධාන හෝටල්වල ආරක්ෂාව තර කෙරේ. පිපිරීම් සිදුවූ ස්ථාන අවට ඩ්‍රෝන කැමරා භාවිතයෙන් වැළකී සිටින ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර දැනුම් දෙයි.

කොටහේන,කොච්චිකඩේ දේවස්ථානයේත් කටාන,කටුවපිටිය ප්‍රදේශයේ දේවස්ථානයෙත් අද උදෑසන 8.45ට පමණ සිදුවූ පිපිරීම් දෙකකින් පුද්ගලයින් 160කට අධික පිරිසකට තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

Latest News