තුවාල ලැබූවන්ට ප්‍රතිකාර ලබා දීම මේ වන විට සිදු කෙරෙනමින් පවතින බවත්, ජාතික රෝහලට තුල දැඩි තදබදයක් පවතින බවත් එම දර්ශන නැරඹීමට ඔවුන්ගේ ඥාතීන්ට හා අනෙක් පිරිසට රෝහල් වෙත පැමිණීමෙන් වළකින ලෙසත් මාධ්‍ය ප්‍රකාශකවරයා දැනුම් දෙයි. මේ වන විටත් කටුනායක ගුවන් තොටුපොළේ හා කොළඹ නගරයේ පිහිටි ප්‍රධාන හෝටල්වල ආරක්ෂාව තර කර ඇති බවයි රුවන් ගුණසේකර මහතා පවසන්නේ.රට තුල උද්ගතව ඇති වර්තමාන තත්වය අනූව සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබේ.