පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග ප්‍රකාරව හෙට පෙරවරු 11.30ට මෙම විශේෂ පාර්ලිමේන්තු රැස්වීම කැඳවා ඇති බවයි පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා සඳහන් කළේ. ඒ අනුව මෙම රැස්වීමට සහභාගී වන ලෙස කථානායකවරයා සියලු මන්ත්‍රිවරුන්ගෙන් ඉල්ලීමක්ද කර තිබේ.
මෙම විශේෂ පාර්ලිමේන්තු රැස්වීමට ආදාළ ගැසට් නිවේදනයක්ද කථානායක කරූ ජයසූරිය මහතා විසින් පසුගියදා නිකුත් කළේය.