උපන්දිනේ දා අනතුරකින් සිඟිත්තා අවසන් ගමන් යයි

නොවැ 28, 2019

    වැල්ලවාය,තණමල්විල ප්‍රධාන මාර්ගයේ වෙහෙරයාය,ආරියසිර හංදිය ප්‍රදේශයේ දී අද (28) අලුයම සිදුවූ අනතුරකින් වයස අවුරුදු 2ක දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

    තවත් දෙදෙනෙක් තුවාල ලබා ඇත. අනතුර සිදුව ඇත්තේ මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන අධිබලැති විදුලි රැහැන් කණුවක ගැටීමෙන්.

    බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ මව, පියා, මිත්තනිය හා මියගිය දරුවා මෙම මෝටර් රථයේ ගමන්කර තිබේ. මියගිය දරුවාගේ අවුරුදු දෙකේ උපන් දිනය යෙදී තිබේ. උපන් දිනය වෙනුවෙන් වැල්ලවාය, හදපානාගල ළමා නිවාසයට දානයක් ලබාදීම සඳහා ඔවුන් මෙලෙස පැමිණෙමින් සිටින අතර තුර මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දී තිබේ.

    තුවාල ලැබූවන් වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර අනතුරුව මොනරාගල දිස්ත්‍රික් මහ රෝහල වෙත මිත්තනිය හා මියගිය දරුවා මාරුකර යවා තිබේ. රියදුරුට නින්ද යාම අනතුරට හේතුව බවයි පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 28 නොවැම්බර් 2019 09:20

    Latest News