ඇමති අමරවීරට ඩිපෝ පරික්ෂකගෙන් යෝජනාවක්: CTB ලාභ කරණ හැටි පෙන්වයි

දෙසැ 29, 2019

    ලංකා ගමනාගමන මණ්ඩලයේ තංගල්ල ඩිපෝව ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ හදිසි නිරික්සණයකට අද ලක්වි තිබේ.

    අමාත්‍යවරයා විසින් ඩිපෝවේ කාර්මික අංශය, කාල අංශය, සේවක විවේකාගාරය, ආපන ශාලාව සහ අනිකුත් ස්ථාන නිරීක්ෂණය කළේය. බොහෝ ස්ථාන පිළිබඳව සතුටු විය නොහැකි බව ප්‍රකාශ කර තිබේ.

    දැනට කොන්දොස්තරවරුන් පහළොවක් සහ රියදුරන් 15 පුරප්පාඩු පවතින බව ජ්‍යෙෂ්ඨ ඩිපෝ පරීක්ෂක ඩබ්ලිව්. චන්දසිරි මහතා පැවසුවේය. තංගල්ල ඩිපෝව සතු අධිවේගී මාර්ගයේ ධාවනය වන එකම බස් රථය වසර හයක් පමණ පැරණි බවත් එම බස් රථය කිලෝමීටර් ලක්ෂ දහයක් පමණ ධාවනය කර ඇති බව ඔහු කියා සිටියේය. එම බස් රථය නිරන්තරව අලුත් වැඩියා කරන බවත් අලුත් වැඩියා කරන සෑම දිනකම රුපියල් අසූ දාහක් ලක්ෂ හතර පාඩුවක් සිදු වන බව පෙන්වාදුනි.

    ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඩිපෝ බස් සඳහා අමතර කොටස සෘජුව ඉන්දියාවෙන් ආනයනය කර අවශ්‍ය ටයර් නිෂ්පාදනයට අම්පාරේ පිහිටි කර්මාන්ත ශාලාව වැනි කර්මාන්ත ශාලා කිහිපයක් රට පුරා ආරම්භ කරන ලෙස ඔහු ඉල්ලා සිටියේය. එසේ කළහොත් ලංකාව පුරා ඇති එකසිය හතක් පමණ ලංගම ඩිපෝ ලාභ ලැබීමේ තත්වයට ඉතාම පහසුවෙන් ගෙන ආ හැකි බව ඩබ්ලිව්. චන්දසිරි මහතා පැවසුවේය. මේ දක්වා පැවැති සියළුම රජයන් යටතේ ඉහළ නිලධාරීන් කොමිස් ලබාගෙන තත්වයෙන් බාල අමතර කොටස් මිළදි ගත් බව ඔහු තවදුරටත් පැවසීය.

    දැනට ලංකාවේ සිටින ඇමතිවරුන්, මන්ත්‍රීවරුන් පවසන පරිදි සියලු රියදුරන්ට කොන්දෙ අමාරුවත්, සියලුම කොන්දොස්තරවරුන්ට ඇස් නොපෙනි අත්වෙව්ල විය යුතු බව අමත්‍ය අමරවීර කියා සිටියේය.
    ඉස්සෙල්ලාම අපි මේ ආයතන සියල්ලම හදමු. ජනාධිපති තුමා දැනටමත් විශාල කැපවීමක් කරනවා නම් ඇයි අපිට බැරි. තංගල්ලේදී හොඳ ආදර්ශයක් දෙමු. ලංකාවෙන්ම හොඳම ආදර්ශමත් ඩිපෝව තංගල්ල කරමු. අවශ්‍ය පහසුකම් ලබා දෙනවා යැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා සේවකයන් හමුවේ ප්‍රකාශ කළේය.

    ලංගම සහ පුද්ගලික බස් දෙකම තියෙන්න ඕන නැත්නම් එකක් වර්ජනය කලොත් ඔක්කොම ඉවරයි. ලංගම දුර්වල කරන්න පෞද්ගලික අංශයට කිසිසේත් ඉඩ දෙන්නේ නෑ කාටවත් කොම්පැණිවලට දෙන්නේ නෑ. සීටීබී එක තවත් ශක්තිමත් කරලා ඔබට හොඳ පිළිගැනීමක් ඇති කරනවා. ඉස්සර රියදුරු මහතුන්ට හෝ කොන්දොස්තර මහත්තයාට හොඳ පිළිගැනීමක් තිබුණා, ගුරුවරියන් බැංකු නිලධාරිනියන් බැන්දේ රියදුරු මහතුන් ඒත් අද තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් වෙලා. සීඩීබී රියදුරකුට කාන්තාවක් විවාහ කර ගන්න දෙමව්පියෝ ඉඩ දෙන්නේ නෑ අද බැංකුවකින් ණයක්වත් දෙන්නෙ නෑ. හැම කෙනෙකුටම පිළිගැනීමක් තියෙන හොඳ තත්ත්වයක් ඇති කරන්න අපි පුළුවන් තරම් උත්සාහ කරනවා. සීටීබී එකේ වරප්‍රසාද පඩි අනිකුත් රාජ්‍ය සේවකයින්ගේ තත්ත්වයට ගේනවා. ඒ සඳහා ඔබ හොඳ ගුණාත්මක සේවයක් ලබා දිය යුතුයි. ඔබ එසේ කළොත් මම වගකීම බාර ගන්නවා ජනාධිපතිතුමා කියලා මේ තත්වය ඉතා ඉක්මනින් ඇතිකරන්නට යැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා තව දුරටත් ප්‍රකාශ කරන ලදී

    Latest News