පසුගිය රජයේ ජනතාවාදි ව්‍යාපෘති ක්‍රියාත්මක කරණ බවට ඇමැති චමල්ගෙන් පොරොන්දුවක්

දෙසැ 29, 2019

    පසුගිය රජය ක්‍රියාත්මක කළ ජනතා සුබවාදි ව්‍යාපෘති ඉදිරියට රැගෙන යන බව කෘෂිකර්ම ඉඩම් හා මහවැලි සංවර්ධන ඇමැති චමල් රාජපක්ෂ මහතා පවසයි.

    හම්බන්තොට කාන්තා මහා සංගමයේ 30 වන සංවත්සර මහා උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

    කාන්තා මහ සංගමය හම්බන්තොට දිස්ත්‍රික්කයේ ග්‍රාමීය මට්ටමේ කාන්තාවන්ගේ සුභසාධනය වෙනුවෙන් ආරම්භ කර වසර තිහක් අඛණ්ඩව ඉදිරියට ගමන් කරන සංවිධානයකි.

    ජනතාවට හොඳ සුභවාදී ව්‍යාවපෘති කවුරුන් ආරම්භ කළත් ඒවා ඉදිරියට ක්‍රියාත්මක කිරීම රජයේ වගකීම අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පෙන්වා දුනී. නව රජය ඒවැනි ව්‍යාපෘති සොයා ක්‍රියාත්මක කරන බවත් පසුගිය රජය මගින් නතර කර තිබූ සංවර්ධන වැඩ යළි ආරම්භ කරන බව ඔහු අවධාරනය කළේය.

    ලබන වසරේ ජනවාරී 2 දා සිට මොණරාගල හා වැල්ලවාය ප්‍රදේශයේ මුරුංගා වගාව ආරම්භ කිරිමට පියවර ගන්නා බව චමල් රාජපක්ෂ මහතා වැඩි දුරටත් පෙන්වා දුනී. මුරුංගා කොල සඳහා ඉහළ ඉල්ලුමක් ඇති බැවින් එම ප්‍රදේශ වලට ආ‍වේනික වගා ආරම්භ කිරීමේ වැඩ සටහන යටතේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන බව චමල් රාජපක්ස මහතා සඳහන් කළේය.

    හම්බන්තොට කාන්තා මහ සංගමයේ ඇගයීමට ලක්කරමින් සමාජිකයින් රැසකට තිළිණ ප්‍රදානය කිරීම චමල් රාජපක්ස මහතා අතින් සිදු කෙරිණි.

    Latest News