ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා, බංග්ලාදේශයේ ඩකා නුවර පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය හමු විය.

ශ්‍රී ලංකාව පමණක් නොව සමස්ත ලෝකයම දැඩි ආර්ථික අර්බූදයක සිටින අවස්ථාවක වසර 24ක් පමණ පැවති ගුරු ගැටලුව මේ මොහොතේම විසඳන්නට ප්‍රකාශ කිරීම අසාධාරණ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය.

දිවයිනේ සියලු පාසල්, පෙර පාසල්, පිරිවෙන්, උපකාරක පංති හා විශ්වවිද්‍යාල තවදුරටත් වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

බැටිකලෝ කැම්පස් උසස් අධ්‍යාපන ආයතනය කොතලාවල විශ්වවිද්‍යාලයේ මණ්ඩපයක් බවට පත් කිරීමට අවධානය යොමුව ඇතැයි අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසනවා.

පවතින කොවිඩ් වාතාවරණය හමුවේ බොහෝ දරුවන් නිවසටම සීමා වී සිටින මෙවන් සමයක දුරස්ථ අධ්‍යාපන පහසුකම් ඉහළ නැංවීමට සහාය වීම කාලීන අවශ්‍යතාවක් බවත් එය මැනවින් හඳුනා ගනිමින්, ඒ සඳහා සහාය වීම අතිශයින් අගය කළ යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.

වරප්‍රසාද අහිමිව, ඉදිරියට එන්නට අවස්ථා මග හැරී සිටින පිරිස් හඳුනා ගනිමින්, ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා දුන් විට ඉතා සාර්ථක ප්‍රතිඵල අත්පත් කර ගන්නා බවත්, ගම්බද ජනතාවගේ ප්‍රශ්න සියැසින් දැක, ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීම රජයේ ප්‍රතිපත්තිය බවත් අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවසී ය .

දශක ගණනාවක් අධ්‍යාපන ක්‍රමය තුළ අසහනයට පත් ලාංකික තාරුණ්‍යය 1970 සහ 1980 ගණන්වල සමාජය කෙරෙහිම වෛරයෙන් පසු වූ බවත්,

අධ්‍යාපනයේ අවසන් ඉලක්කය විය යුත්තේ පාසල සඳහා අධ්‍යාපනය නොව ජීවිතය සඳහා අධ්‍යාපනය බැව් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය.

සිංහල - දෙමළ අය අතර සන්නිවේදනය නිසි ලෙස සිදු කරගැනීමට නම් දකුණේ අය දෙමළ ඉගෙන ගන්නා අතර උතුරේ ජනතාවට ද සිංහල භාෂාව ඉගැන්විය යුතු බවත්, සිංහල භාෂාව ඉගෙන ගැනීමට උතුරේ පාසල් දරුවන් බොහොම කැමැත්තෙන් සිටින බවත්, ඒ කටයුත්ත පාසල් මට්ටමින් ඉටු කිරීමට අපේ රජය කටයුතු කරන බවත්,අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

විශ්වවිද්‍යාල ප්‍රවේශය අපේක්ෂිත සිසුන්ට සහන ගෙවීමේ ක්‍රමයට ලැප් ටොප් පරිගණක ප්‍රදානය කිරීමේ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ.

Latest News