වැස්ස මැද පල්ලෙ කැලේ ක්‍රිකට් උණුසුම

ඔක් 23, 2024
    සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්රී ලංකා කණ්ඩායම අතර දෙවැනි එක්දින ක්රිකට් තරගය අද (23) පස්වරු 2.30ට පල්ලෙකැලේ ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

    පසුගිය ඉරිදා පැවැති පළමු තරගය ඩක්වත් සහ ලුවිස් න්යායට අනුව ජය ගත්තේ ශ්රී ලංකාවයි. ඒ අනුව, සත්කාරක ශ්රී ලංකාව තරග 1-0ක් ලෙස ඉදිරියෙන් සිටියි.

    එබැවින් අද තරගය ජය ගැනීම දෙපාර්ශ්වයටම අතිශයින් තීරණාත්මක වනු ඇති.
     
    ශ්රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර එක්දින තරඟ 66ක් පවත්වා ඇති අතර ඉන් ශ්රී ලංකාව වැඩිම තරඟ සංඛ්යාවක් වන තරඟ 33ක් ජයගෙන තිබෙනවා.
     
    කොදෙව්වන් තරඟ 31ක් ජය ගෙන ඇති අතර තරඟ 3ක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබෙනවා.
     
    ශ්රී ලංකා කණ්ඩායම මෙරටදී කොදෙව්වන් සමග පැවති තරඟවලින් තරඟ 14ක් දිනා ඇති අතර කොදෙව්වන් මෙරටදී ජයග්රණය කර ඇත්තේ තරඟ 08ක් පමණක් බව ක්රිකට් වාර්තා පෙන්වා දෙනවා.
     
    අද තරගයේ නායකත්වය ශ්රී ලංකා කණ්ඩායමේ චරිත් අසලංක මෙහෙයවන අතර ශායි හොප් කොදෙව් කණ්ඩායම මෙහෙයවනු ඇති.
     
     

    Latest News