දිවියේ ඉහළම සම්මානය ලත් රොඩ්‍රි සහ අයිටානා

ඔක් 30, 2024

    ෆ්‍රෑන්ස් ෆුට් බෝල් සඟරාව විසින් (France Football) වාර්ෂිකව පිරිනමනු ලබන පාපන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවකට සිය ක්‍රීඩා දිවියේ ලබා ගතහැකි වටිනාම සම්මානයක් වන බැලොන් ඩෝර් (Ballon d'or) සම්මාන ද්විත්වයම මෙවර ස්පාඤ්ඤයට හිමි වුනා.

    ඊයේ (29) මධ්‍යම රාත්‍රියේ ප්‍රංශයේදී පැවති මෙම සම්මාන උළෙලේදී මැන්චෙස්ටර් සිටි ක්‍රීඩක රොඩ්රිගෝ හර්නැන්ඩස් හොඳම ක්‍රීඩකයාට හිමි සම්මානය ප්‍රථම වරට හිමි කර ගනිද්දී අයිටානා බොන්මාටි පිට පිට දෙවන වරට මෙම වසරේත් හොඳම ක්‍රීඩිකාව වශයෙන් තේරී පත් වුනා.

    බාසිලෝනා කාන්තා පිළ නියෝජනය කරන අයිටානා ස්පාඤ්ඤ පාපන්දු ලීගය ක්‍රීඩා කරන ක්‍රීඩිකාවකට ලබා ගත හැකි සියලුම සම්මාන ලබා තිබීම විශේෂත්වයකි.

    වසරේ හොඳම පාපන්දු ක්‍රීඩා සමාජයට හිමි සම්මානය ස්පාඤ්ඤයේ රියල් මැඩ්රිඩ් හිමි කර ගනිද්දී බාසිලෝනා කාන්තා ක්‍රීඩා සමාජය හොඳම කාන්තා ක්‍රීඩා සමාජයට හිමි සම්මානය දිනා ගත්තා.

    වයස අවුරුදු 21න් පහල දක්ෂතම ක්‍රීඩකයා වශයෙන් ස්පාඤ්ඤයේ ලමින් යමාල් සම්මාන ලබද්දී හොඳම ගෝල රකින්නා සම්මානය ලැබුවේ ආර්ජන්ටිනාවේ එමිලියානෝ මාර්ටිනෙස්. වැඩිම ගෝල සංඛ්‍යාවක් වාර්තා කළ ක්‍රීඩකයාට හිමි වන "ගෙරාල්ඩ් මුලර්" සම්මානය ප්‍රංශ නායක කිලියන් ම්බාප්පේ සහ එංගලන්තයේ හැරී කෙන් දිනා ගත්තා.

    අට වරක් මෙම සම්මානය ලැබූ ලයනල් මෙසීත්, පස් වරක් සම්මානය ලැබූ රොනාල්ඩෝත් මෙවර නිර්දේශිත ලැයිස්තුවේ ඇතුලත් නොවීය.

    Latest News