ඉන්දියාව තුළ කොරෝනා ව්‍යාප්තිය ඉහළයාම සම්බන්ධව අග්‍රාමාත්‍යවරයා සහ ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරුන් අතර වීඩියෝ තාක්‍ෂණය හරහා සිදු කෙරුණු සාකච්ජාවකින් අනතුරුව අග්‍රාමාත්‍යවරයා මේ තීරණය ගෙන තිබේ. ඒ අනුව එළඹෙන 30 වැනි දින දක්වා ඉන්දියාව යළි වසා දැමීමට තීරණය කර තිබේ. ඉකුත් මැයි මස 25 වැනි දින සිට සති තුනක කාලයක් සඳහා ඉන්දියාව මුළුමනින්ම වසා දැමීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ගත් තීරණයට අනුව එම කාලසීමාව අවසන්වීමට නියමිතව තිබුණේ ලබන අඟහරුවාදා දිනයේදී. ළමුන් මිලියන 47ක් වෙසෙන ඉන්දියාව ලොව වැඩිම ළමා ප්‍රජාව සහිත රාජ්‍යයයි. එබැවින් ඉන්දියාව වසා දැමීමත් සමඟ නවදිල්ලි නුවර පමණක් වීථි දරුවන් හැත්තෑ දහසක් පමණ කුසට අහරක් නොමැතිව අසරණභාවයට පත්ව ඇතැයි එරට ආරංචි මාර්ග සඳහන් කරයි.