ඔහු එරට නව ආගමික නායකයා ලෙස ද නම් කර තිබේ. ඇෆ්ගනිස්තානයේ ප්රජාතන්ත්රවාදී ආණ්ඩුවක් පිහිටුවීමේ තලේබාන් සංවිධානයේ පොරොන්දුව පරිදි නව නායකයා පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මුල්ලා අබ්දුල් ගානි, තලේබාන් සංවිධානයේ පළමු නායකයා වන මුල්ලා මොහොමඩ් චමාර්ගේ සමීපතමයෙක්. මීට පෙර අබ්දුල් ගානි ඇෆ්ගනිස්තානයේ පළමු තලේබාන් පාලනයේ ආරක්ෂක අංශය බාරව කටයුතු කර තිබේ.
පසුව, අමෙරිකානු හමුදා මැදිහත්වීමෙන් තලේබාන් පාලනය බිඳ වැටීම නිසා, ඔහු එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ හමුදා අණදෙන නිලධාරියා ලෙස කටයුතු කරනු ලැබීය. බටහිර ප්‍රබල රටවල් සහ අනෙකුත් සංවිධාන පවසන්නේ, ඇෆ්ගනිස්තානයේ තලේබාන් නව රජය පිළිගැනීමට නම්, එහි ක්‍රියා කලාපය පිළිබඳව සෑහීමටක පත්විය යුතු බවයි.
තලේබාන් සංවිධානය තවමත් ත්‍රස්වාදී කණ්ඩායමක් බව රුසියාව පවසයි.