මෙම වසරේ චීන ආර්ථික හා සමාජ සංවර්ධන ප්‍රධාන ඉලක්ක මෙන්ම රජයේ පරිපාලන ක්‍රමෝපායන් මෙහිදී පැහැදිලි කෙරිණ. රාජ්‍ය මෙහෙවර මෙන්ම ජනජීවිතයට කේන්ද්‍රගත සැලසුම් වාර්තාව මෙන්ම ජාතික අයවැය වාර්තාව ද ඊට ඇතුළත්ය.
චීන රජයේ කාර්ය වාර්තාව මෙහිදී ඉදිරිපත් කරනු ලැබුවේ, චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යං මහතා විසිනි.මෙම වසරේ චීනයේ සංවර්ධනය මුහුණ පාන අවදානම් හා අභියෝග රැසක් පවතින බව එම වාර්තාවෙන් ප්‍රකාශ කෙරිණ. එහෙත් චීන ආර්ථිකයේ තිරසර යහපත් වර්ධන ප්‍රවණතාව වෙනස් නොවන නිසා එවැනි පීඩනයන්ට ඔරොත්තු දිය හැකි බවයි චීන අග්‍රාමාත්‍යවරයා පෙන්වාදෙයි.
විදේශ ආයෝජන සක්‍රීය ලෙස ආකර්ෂණය කර ගන්නා චීන විවෘත වෙළඳපොළ විවිධ රටවල ව්‍යවසායන්ට වඩා වැඩි අවස්ථා ලබාදෙනු ඇතැයි ද එම රාජ්‍ය කාර්ය වාර්තාවේ සඳහන් වේ.
වාර්තාව - අරෝෂා සමරදිවාකර(රූපවාහිනී වාර්තාකරු)
චීනයේ බෙයිජිං නුවර සිට