පකිස්තාන මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් 62 ක් මරුට...

මාර් 05, 2022

    පකිස්තානයේ පෙශාවර් නගරයේ ඉස්ලාම් දේවස්ථානයක සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පිරිස 62 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    සිද්ධියෙන් තවත් 196 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පකිස්තාන මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, මියගිය පිරිස අතර අවුරුදු 10 ට අඩු දරුවන් 07 දෙනෙකු ද වන බවයි. අයි.එස්.අයි.එස්. සංවිධානය ප්‍රහාරයේ වගකීම බාරගෙන තිබෙනවා. පිිපිරීම සිුදවී ඇත්තේ, සිකුරාදා දේව මෙහෙයක් පැවැත්වෙන අතරතුරයි. එම අවස්ථාවේ, දේවස්ථානයට විශාල පිරිසක් රැස්වී සිටි බවයි වාර්තා වන්නේ.

    සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ තවදුරටත් ක්‍රියාත්මක බව, පෙශාවර් පොලිස් ප්‍රධානියා සඳහන් කළා. අගමැති ඉම්රාන් ඛාන් කියා සිටියේ, ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන් පිළිබඳ තොරතුරු, මේ වනවිටත් තහවුරු වී ඇති බවයි. ඔවුන් ඉතා ඉක්මනින් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරන බව, ඔහු අවධාරණය කලා. අගමැතිවරයා පෙන්වා දෙන්නේ, ප්‍රහාරකයා දින කිහිපයකට පෙර ඇෆ්ගනිස්තානයේ සිට පකිස්තානයට පැමිණ ඇති බවයි.

    පකිස්තානයේ බෝම්බ පිපිරීම්වලින්, ඉකුත් වසර කිහිපය තුළ පුද්ගලයන් දහස් ගණනක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ප්‍රහාරවලින් මියයන බොහෝ පිරිස්, එරට සුලුතර ජන කොට්ඨාසයක් වන ෂියා මුස්ලිම්වරුන් බව, විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

    Latest News