දේව අඩවියට දිවි පිදූ සැදැහැවතුන් ගණන ඉහළට

ජූනි 20, 2024
    දැඩි උණුසුම් කාලගුණයෙන් හජ් වන්දනාව අතරතුර මිය ගිය පිරිස 900 ඉක්මවා තිබෙනවා.
    අතුරුදන්වූවන් පිළිබඳ ඔවුන්ගේ ඥාතීන් තොරතුරු සෙවීමට ක්රි්යා කරමින් සිටින බවයි, වාර්තා වන්නේ.
    මක්කම හජ් වන්දනා ප්රකදේශයේ උෂ්ණත්වය ඊයේ සෙල්සියස් අංශක 50 ඉක්මවා ති‍බුණා. මේ නිසා එළිමහන් ප්රෙදේශයේ වන්දනා චාරිත්රව කිරීම දැඩි අවදානම් බවයි, එරට සෞඛ්ය අංශ පෙන්වා දුන්නේ.
    මෘත දේහ අල්මුයිසෙම් රෝහලේ තැන්පත් කර තිබෙනවා මිය ගිය අය අතර, ඊජිප්තු ජාතිකයින් 600 ක් සිටින බවයි, පවසන්නේ.
    ඉන්දියානු ජාතිකයින් 68 දෙනෙකු ද මිය ගොස් තිබෙනවා. අතුරුදන් වූවන් සෙවීමට සහ මිය ගිය අයගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් ජෝර්දාන සහ ඊජිප්තු බලධාරින්, සෞදි අරාබි රජය සමග ක්රිනයා කරන බවයි, විදෙස් මාධ්ය, වාර්තාවල දැක්වෙන්නේ.

    Latest News