හමාස් ප්‍රධානියෙකු මරුට

ජූලි 08, 2024
    හමාස් සංවිධානයේ ඡ්‍යේෂ්ඨ පරිපාලන නිලධාරියෙකුට ඊශ්‍රායල හමුදාව එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

    ගාසා නගරයේ පිහිටි පාසලකට ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර එල්ලකර තිබූ අතර එහිදී මියගිය සිව් දෙනා අතර Ehab Al-Ghussein ද වූ බව සඳහන් වනවා.

    ගාසා නගරයේ සහ උතුරු ගාසා ප්‍රදේශයේ හමාස් කටයුතු පාලනය සඳහා ඔහුව මීට මාස තුනකට පමණ පත්කර තිබෙනවා.
    මෙම ඝාතනය හමාස් කටයුතු අඩපණ කිරීමට හේතුවක් නොවන බව පැවසෙන අතර නමුත් හමාස් පරිපාලනයේ වැදගත් පුද්ගලයෙක් ලෙස ඔහුව සලකනවා.
    පසුගිය මාස 9 ඇතුළත හමාස් පරිපාලනයේ විශාල පිරිසක් ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් මරණයට පත්වී තිබෙනවා.

    Latest News